Land Rover මගින් දුරකතනයක් !.

එක්සත් රාජධානියේ (UK) Bullitt Group ආයතනය විසින් ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක් වන Land Rover සමග එක් වී දුරකතනයක් නිකුත් කිරීමට සූදානම් වෙයි.
Eurostar Global ආයතනය විසින් බෙදාහැරීම් කටයුතු සිදු කරන මෙම දුරකතනය Land Rover Explore R නමින් මෙම අගෝස්තු 25 වන දින නිකුත් කරයි.
Land Rover සමාගමේ නවතම Defender රථයේ උපාංගයක් ලෙස මෙම දුරකතනය නිකුත් වෙන බව සදහන් වේ.

Image from landroverexplore

වසර දෙකකට පෙර නිකුත් වූ Land Rover Explore දුරකථනයද Bullitt Group ආයතනය හා Land Rover ආයතනයේ එකතුවීමෙන් නිපද වන ලද්දකි.
එසේම මෙම Land Rover Explore R දුරකනය මෙම වසර තුළ Bullitt Group ආයතනය නිකුත් කල තුන්වන දුරකතනය වේ.
Cat S42 සහ Cat S62 Pro යන දුරකතන දෙක ඔවුන් මෙම වසරේ මින් පෙර නිකුත් කලේය.

Image from landroverexplore


Gorilla glass 6 , IP68 හා MIL SPEC 810H ආරක්ෂණයන් සහිත විනාඩි තිස් පහක් මීටර් එක හමාරක් වතුර යට තැබිය හැකි රළු භාවිතයට ඔරොත්තු දෙන ආකාරයෙන් මෙම දුරකතනය නිපදවා ඇත.
4GB RAM
64GB ROM
microSD Support
12MP Sony dual pixel rear camera and 8MP front camera
යන විශේෂාංග සමග https://landroverexplore.co.uk/ වෙබ් අඩවියෙන් යුරෝ 399කට Land Rover Explore R දුරකතනය පෙර ඇණවුම් කල හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *