හැරී සහ මේගන් හොලිවුඩයට ?.

හැරී කුමරු (Prince Harry) සහ ඔහුගේ බිරිද මේගන් මාක්ල් (Meghan Markle) විසින් හොලිවුඩයේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.
දැනට කුමක්ද යන්න රහසක්ව පවතින මෙම ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කිරීමට ඔවුන් දෙපළ විධායක නිළධාරි සමග සම්බන්ධවී ඇතිබව වාර්තා පලවෙන අතර ඔවුන් සම නිශ්පාදකයන් ලෙස හොලිවුඩය සමග එක් විය හැයි යැයි මත පළවෙමින් ඇත.
ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ හැරී සහ මේගන් විසින් තමන්ගේ අදහස NBCUniversal වෙත ඉදිරිපත් කර ඇති බවය.

Image from Internet

නිළියක් ලෙස කලක් කටයුතු කල Meghan නැවත රගපෑම් කටයුතු සඳහා සහභාගි නොවන බවට ඇයගේ පාර්ශවයෙන් කාලයක සිට පැවසුවද Harry සහ Meghan විසින් පිහිටවනු ලැබූ Archewell foundation නම් පුන්‍යායතනය විසින් ඔවුන් දෙපළ චිත්‍රපට කේෂ්ත්‍රය සදහා යොමුවීම තුලින් එම ආයතනයේ කටයුතු සදහා ලැබිය හැකි ප්‍රතිලාභ ගැන සදහන් කර ඇති බව වාර්තා වල සදහන් වේ .
නමුත් මෙම ව්‍යාපෘතිය ඔවුන් මූල්‍යමය අරමුණක් සදහා හෝ ඔවුන්ගේ සමාජ සුබසාධන කටයුතුවල කොටසක් ලෙස සිදු කරනවාද යන්න පිළිබදව මෙතෙක් පැහැදිලි තොරතුරක් ලැබී නැත.

Elephant නම් Disney චිත්‍රපට සමාගමේ මේ වසරේ දර්ශනය කිරීමට තිබෙන වාර්තා චිත්‍රපටය සදහාද Meghan තම හඩ දායකත්වය ලබාදී ඇති බව සදහන් වේ.
මෙලෙස පරිසරය සකස් වී Meghan නැවත සිනමාවේ නිළියක් ලෙස දකින්නට හැකිවේද යන්න කුතුහලයක් ගෙනදෙන්නකි.

හැරී කුමරු Prince Harry සහ ඔහුගේ බිරිද Meghan Markle ගේ හොලිවුඩ් ආගමනයේ පැහැදිලි තොරතුරු නුදුරේදී ලෝකයා වෙත දැනගන්නට හැකියාව ලැබේ යැයි ආරංචි මාර්ග සදහන් කරයි.
හොලිවුඩය තුල කුමරු සහ සසෙක්ස් හි ආදිපාදවරිය සාර්ථක වේවිද යන්න ගැන ලොව පුරා ඔවුන් ගැන උනන්දු මිනිසුන් විසින් විමසිලිමත් වන කාරණයක් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *