2006 – 2011 ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය වසර පහක්

2006 මැයි සිට 2011 වසරේ අගෝස්තු දක්වා වූ වසර 5 කට අධික කාලය තුළ ශ්‍රී ලංකා පිල මෙරටදී කිසිදු ටෙස්ට් තරගාවලියක් පරාජයට පත් වී නොමැත.

එම වසර 5 කට වැඩි කාලය තුළ ශ්‍රී ලංකා පිල මෙරටදී ටෙස්ට් තරගාවලි 8 කට සහභාගී වී ඉන් ටෙස්ට් තරගාවලි 6 ක් ජයග්‍රහණය කර තිබෙනවා.
එමෙන්ම තරගාවලි 2 ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.
මෙය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිල මෙරටදී වැඩිම කාලයක් අපරාජිතව සිටි කාල පරිච්ඡේදය ලෙස ඉතිහාසයට එක්වෙනවා.

2006 අප්‍රේල් වලින් පසුව 2011 අගෝස්තු දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකා පිල මෙරටදී සහභාගී වූ ටෙස්ට් තරගාවලි සහ එහි ප්‍රතිඵල.

*) 2006-2007 Sri Lanka v. South Africa : 2 -0 ක් ලෙස ශ්‍රී ලංකා පිල ජයගත්තා.

*) 2007-2008 Sri Lanka v. Bangladesh : 3 – 0 ක් ලෙස ශ්‍රී ලංකා පිල ජයගත්තා.

*) 2007-2008 Sri Lanka v. England : 1-0 ක් ලෙස ශ්‍රී ලංකා පිල ජයගත්තා.

*) 2008-2009 Sri Lanka v. India : 2 -1 ක් ලෙස ශ්‍රී ලංකා පිල ජයගත්තා.

*) 2009-2010 Sri Lanka v. Pakistan : 2 – 0 ක් ලෙස ශ්‍රී ලංකා පිල ජයගත්තා.

*) 2009-2010 Sri Lanka v. New Zealand : 2 – 0 ක් ලෙස ශ්‍රී ලංකා පිල ජයගත්තා.

*) 2010-2011 Sri Lanka v. India : 1 – 1 ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

*) 2010-2011 Sri Lanka v. West Indies : 0 – 0 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

මෙම අපරාජිත කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා පිල මෙරටදී ටෙස්ට් තරග 13 ක් ජයග්‍රහණය කර තිබෙනවා. පරාජයට පත් වී තියෙන්නේ ටෙස්ට් තරග 2 ක් පමනයි.

මෙම Home test අපරාජිත කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා පිල විසින් ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය යන කණ්ඩායම් පරදවා ටෙස්ට් තරගාවලි ජයග්‍රහණ වාර්තා කර තිබෙනවා.

ශ්‍රී ලංකා පිල තැබූ මෙම අපරාජිත කාල පරිච්ඡේදය අවසන් වූයේ 2011 වසරේ අගොස්තු වලදී මෙරටදී ඔස්ට්‍රේලියාව හමුවේ 1 – 0 ක් ලෙස ටෙස්ට් තරගාවලි පරාජයක් ලැබීමත් සමගය.

කෙසේ හෝ වසර 5 කට වැඩි කාලයක් ශ්‍රී ලංකා පිල මෙරටදී අපරාජිත ටෙස්ට් කණ්ඩායමක් ලෙස දැක්වූ ඒ සුවිශේෂී දක්ෂතා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු ඇත. 👏👏👏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *