මෙසී Manchester City ද Paris Saint Germain ද ?.

ගෝල 634ක් Barcelona කණ්ඩායම සමග ක්‍රීඩා කර ලබාගෙන තිබෙන ලෝක පූජිත පාපන්දු තරුව Lionel Messi බාර්සිලෝනා පාපන්දු කණ්ඩායම සමග පැමිණි චාරිකාව නවතා දැමීමට තීරණය කර ඇත.

ඉකුත්දා නිමාව දුටු 2020 UEFA Champions League තරගාවලියේ Barcelona හා Bayern Munich අතර අර්ධ අවසන්පූර්ව වටයේ තරගයෙන් බාර්සිලෝනා කණ්ඩායම අටට දෙකක් ලෙස (8-2) පරාජය වීම මෙසිගේ මෙම තීරණයට හේතුව පව පැහැදිලිය. එම තරගයේදී බාර්සිලෝනා කණ්ඩායම වෙනුවෙන් ගෝල ලබාගැනීමට මෙසීට හැකියාව ලැබුනේ නැත.
මෙසී සහ බාසිලෝනා යන නම ලෝකය පුරා තනි වචනයක් ලෙස ප්‍රචලිතව ඇත. දීර්ග කාලයක් තිස්සෙ මෙසී බාර්සිලෝනා කණ්ඩායම සමග කටයුතු කරයි. (2004 වසරේ සිට)

Image from Internet

බාර්සිලෝනා කණ්ඩායමේ කළමනාකරු ලෙස කලක් කටයුතු කළ මේ වන විට Manchester City පාපන්දු කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන Pep Guardiola සමග මෙසී එක් වේ යැයි ආරංචි මාර්ග මතුවෙමින් පවතියි. එනම් මෙසී Manchester City සමග එක් වේයැයි ආරංචි මාර්ග ලැබෙමින් පවතියි.

Lionel Messi සහ Pep Guardiola . Image from Internet

එසේම Paris Saint-Germain පාපන්දු කණ්ඩායමද මෙසී තමන් හා එක් කරගැනීමට උනන්දුවෙන් සිටින බවට පැවසෙයි. වර්තමාන ලොව ලොව සුපිරිතම පාපන්දු ක්‍රීඩකයින් දෙදෙනෙක් වන බ්‍රසීල පාපන්දු ක්‍රීඩක Neymar සහ විසි එක් හැවිරිදි ප්‍රංශ ක්‍රීඩක Kylian Mbappé ද ක්‍රීඩා කරන්නේ PSG (Paris Saint-Germain) කණ්ඩායමේය. මෙසීද ඔවුන් හා එක්වු වහොත් එය එම කණ්ඩායමේ අනාගතයට ඉතා වැදගත් සංධිස්ථානයක් වන බව නොඅනුමානය.

අනෙක් කණ්ඩායම් මෙසේ මෙසීව තමන් වෙතට ගැනීමට උනන්දු වන අතර බාර්සිලෝනා කණ්ඩායමද තමන් සමගම මෙසීව තබා ගැනීමට උත්සහ කරන බවත් නමුත් එය සදහා මෙසීගේ උනන්දුවක් දක්වන්නේ නැති බවත් වාර්තා වේ.

පාපන්දු ක්‍රීඩකයෙක්ට ලැබෙන ඉහලම සම්මානය ලෙස සැලකෙන Ballon d’Or සමානය වැඩිම වාර ගණනක් (හය වතාවක්) ලබා ඇති සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසීගේ මීලග නැවතුම කුමක්ද යන්න පාපන්දු ලෝලින්ගෙ මනසේ ඇති ප්‍රධානම කුතුහලය බවට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *