මැදපෙල නැංගුරම – තිලාන්

ටෙස්ට් ලකුණු 5,000 පසුකල ලොව ප්‍රකට පිතිකරුවන් බොහෝ දෙනෙකුට වඩා ඉහල Batting Average එකක් තිලාන් සමරවීරට සතුව තිබේ.
නමුත් තිලාන්ට ජාත්‍යන්තරය තුළ ලැබිය යුතු පිලිගැනීම ඔහුට ලැබෙනවාද කියන එක ප්‍රශ්නයක්.

ටෙස්ට් තරග 81 කට සහභාගී වී ඉනිම් 132 ක් තුළ ශතක 14 ක් සමගින් ලකුණු 5,462 ක් රැස් කර ගැනීමට තිලාන් සමත් වී තිබෙනවා.

තිලාන්ගේ Test Batting average එක 48.76 කි.

ටෙස්ට් ලකුණු 5,000 ට වඩා රැස්කර ගත් පිතිකරුවන් වන Hashim Amla, Vvs Laxman, Ian Bell, Graeme Smith, Alastair Cook, Graham Gooch, Kevin Pietersen, Mark Waugh, Justin Langer, Mark Taylor, Clive Lloyd, Gary Kirsten, Chris Gayle, Sourav Ganguly, Stephen Fleming සහ Andrew Strauss ඇතුළුව තවත් ප්‍රකට පිතිකරුවන් රැසකටම වඩා ඉහල Test Batting Average එකක් තිලාන් සමරවීරට තිබෙනවා.

නමුත් ඉහත පිතිකරුවන්ට ලැබෙන පිලිගැනීම තිලාන්ට හිමි වෙනවාද ?.
තිලාන් කියන්නේ අඩුතක්සේරැවට ලක්වූ විශිෂ්ට ටෙස්ට් මැදපෙල පිතිකරුවෙක්.

Image from Internet

ටෙස්ට් ලකුණු 5,000 ඉක්මවූ මෙරට විශිෂ්ට පිතිකරුවන් වන අරවින්ද ද සිල්වා, මාවන් අතපත්තු, සනත් ජයසූරිය, ටීම් ඩිල්ශාන් සහ ඇන්ජලෝ මැතිවුස්ගේ Test stats සමගින් තිලාන්ගේ Test stats සසදා බලමු.

සනත් ජයසූරිය

*) ටෙස්ට් තරග 110 යි.
*) ඉනිම් 188 යි.
*) ලකුණු 6,973 යි.
*) ශතක 14 යි.
*) අර්ධ ශතක 31 යි.
*) ඉහලම ඉනිම 340 vs India
*) Batting Average එක 40.07 යි.

අරවින්ද ද සිල්වා

*) ටෙස්ට් තරග 93 යි.
*) ඉනිම් 159 යි.
*) ලකුණු 6,361 යි.
*) ශතක 20 යි.
*) අර්ධ ශතක 22 යි.
*) ඉහලම ඉනිම 267 vs New Zealand
*) Batting Average එක 42.97 යි.

ඇන්ජලෝ මැතිවුස්

*) ටෙස්ට් තරග 86 යි.
*) ඉනිම් 154 යි.
*) ලකුණු 5,981 යි.
*) ශතක 10 යි.
*) අර්ධ ශතක 35 යි.
*) ඉහලම ඉනිම 200 vs Zimbabwe
*) Batting Average එක 45.31 යි.

මාවන් අතපත්තු

*) ටෙස්ට් තරග 90 යි.
*) ඉනිම් 156 යි.
*) ලකුණු 5,502 යි.
*) ශතක 16 යි.
*) අර්ධ ශතක 17 යි.
*) ඉහලම ඉනිම 249 vs Zimbabwe
*) Batting Average එක 39.02 යි.

ටීම් ඩිල්ශාන්

*) ටෙස්ට් තරග 87 යි.
*) ඉනිම් 145 යි.
*) ලකුණු 5,492 යි.
*) ශතක 16 යි.
*) අර්ධ ශතක 23 යි.
*) ඉහලම ඉනිම 193 vs England
*) Batting Average එක 40.98 යි.

තිලාන් සමරවීර
*) ටෙස්ට් තරග 81 යි.
*) ඉනිම් 132 යි.
*) ලකුණු 5,462 යි.
*) ශතක 14 යි.
*) අර්ධ ශතක 30 යි.
*) ඉහලම ඉනිම 231 vs Pakistan
*) Batting Average එක 48.76 යි.

ඉහත Stats දෙස බැලූවිට ඔබට පේනවා ඇති අනෙකුත් පිතිකරුවන් සියලුම දෙනාට වඩා ඉතා අඩු ඉනිම් සංඛ්‍යාවක් ක්‍රීඩා කර තියෙන්නේ තිලාන් බව. ටෙස්ට් තරග 81 කට ක්‍රීඩා කලත් තිලාන් bat කරලා තියෙන්නේ ඉනිම් 132 කදී පමණයි.

ඒ ඉනිම් 132 ත් ඉනිම් 32 කදීම තිලාන් bat කරලා කර තිබෙන්නේ නොම්මර 6,7,8 batting positions වලය. No. 6,7,8 ස්ථානවල ඉදන් දිගු ඉනිම් රැස් කරන්න තියෙන අවස්ථාව සීමිතය..
නමුත් ඉනිම් 32 ක්ම නොම්මර 6,7,8 ස්ථානවල ක්‍රීඩා කරත් තරග 132 ක් තුළ ටෙස්ට් ලකුණු 5,000 කට වඩා රැස් කරන්න තිලාන් සමත්විය.

තිලාන්ට ශ්‍රී ලංකා පිලේ ස්ථානයක් හිමිවුණේ පිට දග පන්දු යවන Bowling All Rounder කෙනෙක් ලෙසටයි. තිලාන් ඔහුගේ ප්‍රථම ටෙස්ට් තරගයෙන්ම නොම්මර 8 පිතිකරු ලෙස ක්‍රීඩා කර ඉන්දියාවට එරෙහිව ටෙස්ට් ශතකයක් ලබාගත්තා. 

Image from Internet


තිලාන් ඔහුගේ ටෙස්ට් දිවිය තුළ නොම්මර 3,4,5,6,7,8 යන batting positions වල ක්‍රීඩා කර තිබෙන අතර, එහීදී තිලාන් විසින් නොම්මර 3,5,7,8 යන batting positions හතරේම ක්‍රීඩා කර ටෙස්ට් ශතක ලබාගෙන තිබේ. තිලාන්ට පිතිකරණ ලැයිස්තුවේ ඔනෑම තැනක පිතිකරණයේ යෙදීමට තිබූ ඉහල හැකියාව එතැනින්ම පැහැදිලි වේ.

එමෙන්ම සංගා සහ මහේලට පසුව ඉහලම ටෙස්ට් batting average එකක් සහිත ශ්‍රී ලාංකීක පිතිකරුවා වන්නේ තිලාන් සමරවීරය.

සැබවින්ම තිලාන් සමරවීර යනු ශ්‍රී ලංකාවෙන් ලෝක ක්‍රිකට් පිටියට බිහිවුණු අග්‍රගණ්‍ය ටෙස්ට් පිතිකරුවෙකි. 

– Priyadarshana Ambrose –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *