තිලාන් වෙනුවෙන් කවි ගී ලියැවුනා මදි

 අප රටෙන් බිහිවුණු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන තිලාන් සමරවීර වඩාත් දක්ශතා දැක්වූයේ ටෙස්ට් ක්‍රිකට් වලදීය. නමුත් ඔහුගේ දක්ශතා කෙතරම් ඉහල මට්ටමක තිබුනත් ඔහුට හිමිවිය යුතුව තිබූ අවධානය හා ගෞරවය ඒ ආකාරයෙන්ම ලැබුණාද යන්න ප්‍රශ්නකාරී සිතුවිලි ඇති කරන සිතුවිල්ලක්. 

තිලාන් ගේ ටෙස්ට් Stats

*) ටෙස්ට් තරග 81 යි.

*) ඉනිම් 132 යි.
*) ලකුණු 5,462 යි.
*) ශතක 14 යි.
*) අර්ධ ශතක 30 යි.
*) ඉහලම ඉනිම 231 vs Pakistan
Batting Average එක 48.76 යි.

 

 

Image from Internet
 

ශ්‍රී ලංකාවේ දී තිලාන්ගේ test stats

*) ටෙස්ට් තරග 45 යි.
*) ඉනිම් 70 යි.
*) ලකුණු 3,123 යි.
*) ශතක 8 යි.
*) අර්ධ ශතක 18 යි.
*) ඉහලම ඉනිම 159 vs New Zealand at Galle
Batting Average එක 53.84 යි.

විදෙස් තරගවලදී තිලාන්ගේ Stats

*) ටෙස්ට් තරග 36 යි.
*) ඉනිම් 62 යි.
*) ලකුණු 2,339 යි.
*) ශතක 6 යි.
*) අර්ධ ශතක 12 යි.
*) ඉහලම ඉනිම 231 vs Pakistan at Karachi
Batting Average එක 43.31 යි.

*) ඕස්ට්‍රේලියාව හැර සෑම ටෙස්ට් රටකටම එරෙහිව ටෙස්ට් ශතක රැස් කිරීමට තිලාන් සමත් වී තිබේ.

*) එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව හැර ලොව සෑම ටෙස්ට් රටකටම එරෙහිව ඉහල 45 + Batting average එකක් පවත්වාගන්න තිලාන් සමත් වී තිබෙනව.

*) ඒ අතරිනුත් ඉන්දියාව, නවසීලන්තය, බංග්ලාදේශය සහ සිම්බාබ්වේට එරෙහිව තිලාන්ගේ Batting average එක 60 + වේ.

*) එමෙන්ම දකුණු අප්‍රිකාවට එරෙහිව 50 + batting Average එකක් ද, පකිස්තානය සහ කොදෙව්පිලට එරෙහිව 45 + batting averages තබාගන්න ඔහු සමත්වුණා.

*) දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවෙදීම ටෙස්ට් ශතක 2 ක් ලබාගත් එකම ශ්‍රී ලාංකීය පිතිකරුවා වන්නේ තිලාන් සමරවීරය.

*) දකුණු අප්‍රිකාව තුළ පැවති ටෙස්ට් තරගාවලියකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ශ්‍රී ලංකා පිතිකරුවා ලෙස තිලාන් වාර්තා අතරට එක්වෙනවා. (339 Runs in 2011)

*) තිලාන්ගේ favorite ම opponent වන්නේ පකිස්තානය යි.
පකිස්තානයට එරෙහිව තිලාන්ගේ Stats. 
*) තරග 13 යි.
*) ඉනිම් 23 යි.
*) ලකුණු 1,045 යි.
*) ශතක 3 යි.
*) අර්ධ ශතක 4 යි.
*) ද්විත්ව ශතක 2 යි.
*) හොදම ඉනිම 231 යි.
*) Average එක 49.76 යි.

තිලාන් සමරවීර කියන්නේ අපි හිතනවටත් වඩා විශිෂ්ට ටෙස්ට් පිතිකරුවෙක්.

– Priyadarshana Ambrose –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *