කිරැළු නොපලන් රජු : Jacque Kallis

Jacque Kallis ගේ ක්‍රිකට් දිවියේ stats සහ වාර්තා දුටුවහොත් ඔබ අනිවාර්යයෙන්ම පුදුමයට පත්වනු ඇත

BELFAST, UNITED KINGDOM – JUNE 26: Jacques Kallis of South Africa in action during the Future Cup one day international match between India and South Africa at the Civil Service Cricket Ground, Stormont on June 26, 2007 in Belfast, Northern Ireland. (Photo by Richard Heathcote/Getty Images)

පිතිකරුවෙක් ලෙස Jacque Kallis ගේ සමස්ත ජාත්‍යන්තර stats.

*) තරග 519
*) ඉනිම් 617
*) ලකුණු 25,534 යි.
*) ශතක 62 යි.
*) අර්ධ ශතක 149 යි.
*) ද්විත්ව ශතක 2 යි.
*) ඉහලම ඉනිම 224 vs Sri Lanka
*) Batting Strike Rate එක 56.30 යි.
*) Batting Average එක 49.10 යි

(*) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 5 වන ඉහලම ලකුණු ලාභියා වන්නේ Jacque Kallis ය.

(*) ලොව වැඩිම ජාත්‍යන්තර ලකුණුලාභී පිතිකරුවන් 5 දෙනා අතරින් ඉහලම Batting Average එකට හිමිකම් කියන්නේ ද Jacque Kallis ය.

පන්දු යවන්නෙක් ලෙස Jacque Kallis ගේ සමස්ත ජාත්‍යන්තර stats 

Image from Internet

*) තරග 519
*) ඉනිම් 574
*) කඩුලු 577 යි.
*) කඩුලු 5 බැගින් 7 වතාවයි.
*) ඉනිමක හොදම පන්දු යැවීම 54/6 .
*) තරගයක හොදම පන්දු යැවීම 92/9.
*) Bowling Strike Rate එක 54.1 යි.
*) Bowling Average එක 32.14 යි.

(*) දකුණු අප්‍රිකාව වෙනුවෙන් 5 වැනියට වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නා වන්නේ Kallis ය.

(*) එමෙන්ම 10 wicket haul එකක් නොමැතිව ලොව දෙවැනියට වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබාගත් පන්දු යවන්නා ලෙස Jacque Kallis වාර්තා අතරට එක්වෙනවා.

*) තරග 519
*) ඉනිම් 574
*) කඩුලු 577 යි.
*) කඩුලු 5 බැගින් 7 වතාවයි.
*) ඉනිමක හොදම පන්දු යැවීම 54/6 .
*) තරගයක හොදම පන්දු යැවීම 92/9.
*) Bowling Strike Rate එක 54.1 යි.
*) Bowling Average එක 32.14 යි.

(*) දකුණු අප්‍රිකාව වෙනුවෙන් 5 වැනියට වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නා වන්නේ Kallis ය.

(*) එමෙන්ම 10 wicket haul එකක් නොමැතිව ලොව දෙවැනියට වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබාගත් පන්දු යවන්නා ලෙස Jacque Kallis වාර්තා අතරට එක්වෙනවා.

*) තරග 519 යි.
*) ඉනිම් 664 යි.
*) උඩ පන්දු 338 යි.

(*) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තෙවැනියට ඉහලම උඩ පන්දු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා වන්නේ Jacque Kallis ය

එක්දින පිටියේ Kallis ගේ Batting stats

*) තරග 328
*) ඉනිම් 314
*) ලකුණු 11,579 යි.
*) ශතක 17 යි.
*) අර්ධ ශතක 86 යි.
*) ඉහලම ඉනිම 139 vs West Indies
*) Batting Strike Rate එක 72.89 යි.
*) Batting Average එක 44.36 යි.

(*) දකුණු අප්‍රිකාව වෙනුවෙන් එක්දින ලකුණු 10,000 ක් ලබාගත් එකම පිතිකරුවා Jacque Kallis ය.

(*) එමෙන්ම ලොව 8 වැනියට ඉහලම එක්දින ජාත්‍යන්තර ලකුණු ලාභියා වන්නේ ද Kallis ය.

(*) ලොව තෙවැනියට වැඩිම එක්දින අර්ධ ශතක සංඛ්‍යාවකට හිමිකම් කියන්නේ ද Kallis ය.

(*) එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව හැරැනු කොට ලොව ප්‍රධාන ක්‍රිකට් රටවල් වලට එරෙහිව 40+ එක්දින batting average එකක් පවත්වාගන්න Kallis සමත් වී තිබෙනවා.

(*) ඒ අතරිනුත් ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව් පිල සහ බංග්ලාදේශයට එරෙහිව ඔහුගේ batting average එක 50+ ය.

දකුණු අප්‍රිකාව තුළදී Jacque Kallis ගේ එක්දින Batting Stats

*) තරග 144
*) ඉනිම් 137
*) ලකුණු 5,186 යි.
*) ශතක 6 යි.
*) අර්ධ ශතක 40 යි.
*) ඉහලම ඉනිම 139 vs West Indies
*) Batting Strike rate එක 74.75 යි.
*) Batting Average එක 45.89 යි.

දකුණු අප්‍රිකාවෙන් පිටතදී Jacque Kallis ගේ එක්දින Batting Stats

*) තරග 184
*) ඉනිම් 177
*) ලකුණු 6,393 යි.
*) ශතක 11 යි.
*) අර්ධ ශතක 46 යි.
*) ඉහලම ඉනිම 128* vs Netharland
*) Batting Strike rate එක 71.45 යි.
*) Batting Average එක 43.20 යි

(*) ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ පකිස්තානය හැරැනු කොට ලොව අනෙකුත් ප්‍රධාන ක්‍රිකට් රටවල් වලදී 40+ batting average එකක් තබාගන්නට Kallis සමත්වුණා.

(*) ඒ අතරින් බටහිර ඉන්දීය කොදෙව් දූපත්, බංග්ලාදේශය, ඉන්දියාව, UAE සහ සිම්බාබ්වේ යන රටවල් වලදි ඔහුගේ batting average එක 45+ ය.

එක්දින පිටියේ Jacque Kallis ගේ bowling stats

*) තරග 328
*) ඉනිම් 283
*) කඩුලු 273 යි.
*) කඩුලු 5 බැගින් 2 වතාවයි.
*) කඩුලු 4 බැගින් 2 වතාවයි.
*) තරගයක හොදම පන්දු යැවීම 30/5.
*) Bowling Strike Rate එක 39.3 යි.
*) Bowling Average එක 31.79 යි.

(*) දකුණු අප්‍රිකාව වෙනුවෙන් දෙවැනියට වැඩිම එක්දින කඩුලු සංඛ්‍යාවක් ලබාගෙන තියෙන්නේ Jacque Kallis විසින්ය.

පන්දු රකින්නෙකු ලෙස එක්දින තරගවලදී උඩ පන්දු 131 ක් රැක ගන්නට Kallis සමත් වී තිබෙනවා.

ටෙස්ට් පිටියේ Kallis ගේ Batting stats

Image from Internet

*) තරග 166
*) ඉනිම් 280
*) ලකුණු 13,289 යි.
*) ශතක 45 යි.
*) අර්ධ ශතක 58 යි.
*) ද්විත්ව ශතක 2 යි.
*) ඉහලම ඉනිම 224 vs Sri Lanka
*) Batting Strike Rate එක 45.97 යි.
*) Batting Average එක 55.37 යි.

(*) දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 10,000 ක් රැස් කරගත් එකම පිතිකරුවා වන්නේ Jacque Kallis ය.

Image from Internet

(*) ලෝක ක්‍රිකට් ඉතිහාසයේ තෙවැනියට ඉහලම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන තියෙන්නේ ද Kallis ය.

(*) එමෙන්ම සචින් තෙන්ඩුල්කාර්ට පසුව ලොව වැඩිම ටෙස්ට් ශතක සංඛ්‍යාවක් රැස් කරගත් පිතිකරුවා ලෙස Kallis වාර්තා අතරට එක්වෙනවා.

(*) ටෙස්ට් ලකුණු 10,000 ඉක්මවූ පිතිකරුවන් අතරින් දෙවැනියට ඉහලම batting average එකට
හිමිකම් කියන්නේ ද Jacque Kallis ය.

(*) ශ්‍රී ලංකාව හැර ලොව සෑම ප්‍රධාන ටෙස්ට් රටකටම එරෙහිව 40+ batting average එකක් තබාගන්න Kallis සමත් වී තිබෙනවා.

(*) ඒ අතරිනුත් ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්පිල සහ සිම්බාබ්වේට එරෙහිව Kallis ගේ batting average එක 50+ ය.

(*) ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ හැරැනම අනෙක් සෑම ප්‍රධාන ටෙස්ට් රටකටම එරෙහිව Jacque Kallis විසින් ටෙස්ට් ලකුණු 1,000+ බැගින් රැස් කරගෙන තිබෙනවා.

(*) ඒ අතරිනුත් ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ කොදෙව්පිලට එරෙහිව Kallis විසින් ටෙස්ට් ලකුණු 2000+ බැගින් රැස් කරගෙන තිබෙනවා.

(*) ඒ වගේම Kallis විසින් ලොව ප්‍රධාන රටවල් සියල්ලටම එරෙහිව ටෙස්ට් ශතක රැස් කරගෙන තියෙනවා.

(*) Kallis විසින් වැඩිම ටෙස්ට් ශතක ප්‍රමාණයක් රැස් කර තිබෙන්නේ එංගලන්ත සහ කොදෙව්පිලට එරෙහිවයි. එම රටවල් 2 ටම එරෙහිව ටෙස්ට් ශතක 8 බැගින් රැස් කරගන්නට Kallis සමත්වුණා.

(*) නවසීලන්තය සහ පකිස්තානයට එරෙහිව ටෙස්ට් ශතක 6 බැගින්ද, ඉන්දියාවට එරෙහිව ටෙස්ට් ශතක 7 ක්ද ලබාගන්න Kallis ට හැකියාව ලැබුනා.

(*) එලෙසින්ම Jacque Kallis විසින් ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් ශතක 5 ක්ද රැස් කරගත්තා.

(*) එමෙන්ම ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය හැර ලොව අනෙක් ප්‍රධාන ටෙස්ට් රටවල් සියල්ලටම එරෙහිව ලකුණු 150 ට වැඩි ටෙස්ට් ඉනිම් ලබාගන්න Kallis සමත් වී තිබෙනවා.

දකුණු අප්‍රිකාව තුළදී Jacque Kallis ගේ ටෙස්ට් Batting Stats 

*) තරග 88
*) ඉනිම් 143
*) ලකුණු 7,035 යි.
*) ශතක 23 යි.
*) අර්ධ ශතක 34 යි.
*) ද්විත්ව ශතක 2 යි.
*) ඉහලම ඉනිම 224 vs Sri Lanka
*) Batting Strike rate එක 47.72 යි.
*) Batting Average එක 56.73 යි.

දකුණු අප්‍රිකාවෙන් පිටතදී Kallis ගේ ටෙස්ට් Batting Stats

*) තරග 78
*) ඉනිම් 137
*) ලකුණු 6,254 යි.
*) ශතක 22 යි.
*) අර්ධ ශතක 24 යි.
*) ඉහලම ඉනිම 189* vs Zimbabwe
*) Batting Strike rate එක 44.17 යි.
*) Batting Average එක 53.91 යි.

(*) එංගලන්තය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය හැර අනෙකුත් සෑම ප්‍රධාන ටෙස්ට් රටකදීම 45+ batting average එකක් පවත්වාගන්න Jacque Kallis සමත් වී තිබෙනවා.

(*) ඒ වගේම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය හැර අනෙක් සෑම ප්‍රධාන ටෙස්ට් රටකදීම Kallis විසින් ටෙස්ට් ශතක 2 ක් හෝ ඊට වැඩි ප්‍රමාණය බැගින් රැස් කරගෙන තිබෙනවා.

ආසියාව තුළදී Jacque Kallis ගේ batting stats

*) තරග 25
*) ඉනිම් 44
*) ලකුණු යි.
*) ශතක 8 යි.
*) අර්ධ ශතක 8 යි.
*) ඉහලම ඉනිම 173 vs India
*) Batting Strike rate එක 44.04 යි.
*) Batting Average එක 55.62 යි.

(*) ආසියානු නොවන පිතිකරුවන් අතරින් ආසියාව තුළදී දෙවැනියට වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගත් පිතිකරුවා වන්නේ Jacque Kallis ය.

ටෙස්ට් පිටියේ Kallis ගේ bowling stats 

*) තරග 166
*) ඉනිම් 272
*) කඩුලු 292 යි.
*) කඩුලු 5 බැගින් 5 වතාවයි.
*) ඉනිමක හොදම පන්දු යැවීම 54/6 .
*) තරගයක හොදම පන්දු යැවීම 92/9.
*) Bowling Strike Rate එක 69.2 යි.
*) Bowling Average එක 32.65 යි.

Image from Internet

(*) දකුණු අප්‍රිකාව වෙනුවෙන් 6 වැනියට වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් ලබාගෙන තියෙන්නේ Jacque Kallis විසින්ය.

(*) පන්දු රකින්නෙකු ලෙස ටෙස්ට් තරගවලදී උඩ පන්දු 200 ක් රැක ගන්නට Kallis සමත් වී තිබෙනවා.

*) ජාත්‍යන්තර ලකුණු 25,000 ක්, ජාත්‍යන්තර කඩුලු 500 ක් සහ උඩ පන්දු 300 ක් ලබාගත් ලොව එකම ක්‍රිකට් ක්‍රීඩකයා Jacque Kallis ය.

*) එමෙන්ම ටෙස්ට්, එක්දින දෙඅංශයෙන්ම ලකුණු 10,000 බැගින් සහ කඩුලු 250 බැගින් ලබාගත් ලොව ප්‍රථම සහ එකම ක්‍රීඩකයා ලෙස Jacque Kallis වාර්තා අතරට එක්වෙනවා.

*) ටෙස්ට් තරග ඉතිහාසයේ ⁣වැඩිම තරගාවලි සංඛ්‍යාවක තරගාවලියේ වීරයා බවට පත්ව තිබෙන්නේ ද Kallis ය.
(ටෙස්ට් තරගාවලි 23 කදී තරගාවලියේ වීරයා සම්මානය දිනාගැනීමට Kallis සමත්වුණා.)

*) Champions Trophy තරගාවලියක 5 wicket haul එකක් ලබාගත් ලොව පලමු ක්‍රීඩකයා වන්නේ Jacque Kallis ය.

*) එමෙන්ම Champions trophy තරගාවලියක අවසන් මහා තරගයකදී සහ මුළු තරගාවලියේම වීරයේ සම්මාන හිමි කරගත් ලොව ප්‍රථම ක්‍රීඩකයා Jacque Kallis ය.

මෙතෙක් වෙලා ඔබ කියැවූ දත්ත සහ කරැනු සමූහය තුළින් ඔබට පිලිබිඹු වෙනවා ඇති Jacque Kallis කියන්නේ ක්‍රිකට් පිටියේ බිහිවුණු විශිෂ්ටයින් අතරිනුත් අති විශිෂ්ටයෙකු බව.
දත්තමය සහ සංඛ්‍යානමය වශයෙන් සලකා බැලුවොත් ක්‍රිකට් පිටියේ මෙතෙක් බිහිවුණු විශිෂ්ටතම සහ වටිනාම ක්‍රීඩකයා වන්නේ Jacque Kallis ය.

බොහෝ කාලයක් යනතුරු Jacque Kallis මෙන් පරිපූර්ණ දක්ෂතාවලින් සමන්විත ක්‍රීඩකයෙක් නැවතත් ක්‍රිකට් පිටිය තුළ බිහිනොවනු ඇත. සරලවම කිවහොත් Jacque Kallis යනු කිරැළු නොපලන් ක්‍රිකට් රජුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *