ක්‍රිකට් ලොව තාප්පය – Rahul Dravid

ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම පන්දු සංඛ්‍යාවකට මුහුණ දුන් පිතිකරුවා වන්නේ Rahul Dravid ය. 

Dravid ඔහුගේ ටෙස්ට් දිවිය තුළ පන්දු 31,258 කට මුහුණ දී තිබේ. Dravid හැරැනු කොට මේ දක්වා ටෙස්ට් පිටියේ කිසිම පිතිකරුවෙකු පන්දු 30,000 කට මුහුණ දී නොමැත.

Image From Internet

ටෙස්ට් තරග වලදි බොහෝ වේලාවක් කඩුල්ලේ රැදෙමින් පිතිකරණයේ යෙදීමට තිබුනු සුවිශේෂී හැකියාව නිසාම Rahul Dravid ව හදුන්වන්නේ ක්‍රිකට් ලොව ‘තාප්පය’ (The Wall) ලෙසටයි.

පහතින් දක්වා තියෙන්නේ Dravid ගේ සුවිශේෂී ටෙස්ට් දිවියේ Stats ය.

*) ටෙස්ට් තරග 164
*) ඉනිම් 286
*) ලකුණු 13,288 යි.
*) ශතක 36 යි.
*) අර්ධ ශතක 63 යි

*) වැඩිම ලකුණු 270 vs Pakistan
*) Batting Average එක 52.31 යි.

*) ඉන්දියාව තුළදී ටෙස්ට් average එක 51.35 යි.
*) විදෙස් තරගවලදී ටෙස්ට් average එක 53.03 යි.
*) ආසියාවෙන් පිටතදී ටෙස්ට් average එක 53.80 යි.

සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ සෙවනැල්ලෙන් වැසුණු Rahul Dravid ගේ ටෙස්ට් දිවිය අතිශයින්ම විශිෂ්ට එකකි. වසර 16 ක් පුරාවට Dravid ඔහුගේ පිත්තෙන් දැක්වූ ඒ විශිෂ්ට දස්කම් ක්‍රිකට් රසිකයන්ට කිසිදා අමතක නොවනු ඇත.

– Priyadarshana Ambrose –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *