GoPro 35mm ලෙස 2004 වසරේදී මුල්ම Action Camera ව එලි දැක්වූ GoPro ආයතනය GoPro Hero 9 Black ලෙස ඔවුන්ගේ නවතම කැමරාව එලි දක්වා ඇත.
වැඩි දියුණු කල resolutions අගය සහ වැඩි battery ප්රමාණය විශේෂිතම වෙනස්කම් ලෙස මෙම නවතම කැමරාවෙ හැදින්විය හැක ..
20-megapixel අගයක් දක්වා වැඩි දියුණු කර ඇති මෙම කැමරාව 5K වීඩියෝ රෙකෝඩ් කිරීමේ පහසුකම පලමු වතාවට ඉදිරිපත් කර ඇත. මෙම Hero 9 සංස්කරණයට පෙර නිකුත්කළ Hero 8 හී කැමරාව මෙගා පික්සල් 12කි.

එසේම 1,720mAh බැටරියකින් මෙම නවතම GoPro Hero 9 කැමරාව සමන්විත වෙයි. GoPro Hero 8 කැමරාවේ බැටරිය 1,220mAh ලෙස නිකුත්විය.
එසේම full color panel front display එකක් මෙය සමග පැමිණෙයි. එනම් කැමරාවෙන් රෙකෝඩ් වන දෙය ඉදිරිපසින් බලාගැනීමට හැකියාව ලැබේ.
එසෙම මෙම GoPro Hero 9 හි පසුපස තිරයේ ප්රමාණය වැඩිකර නිකුත් කර ඇත. 2.27-inch touchscreen එකක් මෙය සමග පැමිණෙයි. මීට පෙර සංස්කරණ වල පසුපස තිරය පැවතුනේ 1.95-inch ප්රමානයටය.
එසේම Hero 7 කැමාවේ තිබුණු නමුත් Hero 8 කැමරාවෙන් ඉවත් කර තිබූ ඉදිරිපස ලෙන්ස් කවරය ඉවත් කිරීමේ හැකියාව මෙම Hero 9 කැමරාව සමග නැවත ඉදිරිපත් කර ඇත. මෙමගින් Lens Accessories පහසුවෙන් සවිකිරීමට හැකියාව ලැබේ.

මෙම නවතම GoPro Hero 9 Black කැමරාවේ මිළ සදහන් වන්නේ $449.99 ලෙසය.